Gossips

අදත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙන ලකුණු – සඳුදා තවත් කැබිනට් හමුවක්

අද දිනයේදීත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සඳුදා නව අමාත්‍ය මණ්ඩලය රැස්වන බවයි.
එමෙන්ම, රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ ද එම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ඉදිරියේදී රැස්වන පාර්ලිමේන්තු සැසිවාරයේදී රජයේ අයවැයට විකල්පයක් ලෙස අතුරු ගිණුමක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ කණ්ඩායම අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ මේ වනවිට අරලියගහ මන්දිරය තුළ ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ගැටළුවක් නොව එහි සිටින කල්ලිවල ගැටළුවක් බවයි.
මේ අතර නව රජයේ තවත් ඇමතිවරුන් පිරිසක් ඊයේ (01) දිනයේද දිවුරුම් දුන්නා .
එම ලැයිස්තුව පහතින් දැක්වේ.
කැබිනට් අමාත්‍යවරු
01- දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
02- දයාසිරි ජයසේකර මහතා – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු
03- පියසේන ගමගේ මහතා – තරුණ, කන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
04- ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
05- එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
06-මොහාන් ලාල් ග්‍රේරු මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
07- ශ්‍රියානි විෙජ්වික්‍රම මහත්මිය – පළාත් සභා, පළාත් පාලන හා කී්‍රඩා රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
08- අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
09- මනුෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
10- ඉන්දික බණ්ඩාරනායක මහතා – නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
11- සාරතී දුෂ්මන්ත මහතා – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
12- නිශාන්ත මුතුහෙට්ටිගම මහතා – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
13- කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය



මේ අතර පසුගිය 30 වනදා එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

නව කැබිනට් මණ්ඩලයේ මුල්ම අදියරේ දිවුරුම් දීම සිදුකෙරුණේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ 29 වනදායි.
එහිදී නව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 12 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව එදින මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පත් කෙරුණා.