Gossips

බොදුබල සේනාවෙන් එෆ්.සී.අයි.ඩී යට පැමිණිල්ලක්

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු රනිල් වික්‍රමසිංහ තවදුරටත් අරලියගහ මන්දිරය තුළ රැඳී සිටීමෙන් පොදු දේපල අවභාවිත වීමක් සිදුවන බැවින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් සිදුකළා.
ඉන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍යවරයාට අරලියගහ මන්දිරය තුළ රැඳී සිටීමේ සදාචාරාත්මක අයිිතියක් නොමැති බවයි.