Gossips

විදේශ මුදල් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී සොයාගත් විදේශ මුදල්වල වටිනාකම රුපියල් අනූ දෙලක්ෂ 37,960 ක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ.
මෙම පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
එමෙන්ම, දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස රටින් පිටකිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකුද අද අලූයම කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගත්තා.