Gossips

විදේශ මුදල් තොගයක් සමග ඉන්දියානුවෙකු කටුනායකදී අත්අඩංගුවට

දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස රටින් පිටකිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිංගප්පූරුව බලා යාම සදහා අද අලූයම පැමිණි මොහු ළග තිබී ස්ටර්ලිං පවුම්, යූරෝ සහ සෞදි රියාල් යන විදෙස් මුදල් සොයා ගෙන ඇති බව සදහන්.
තමිල්නාඩු ජාතිකයෙකු වන මොහු පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණ ක්‍රියාත්මකයි.