Politics Sri Lanka

පකිස්ථාන නීතිඥවරු වෙඩි තබාගැනීමකින් දෙදෙනෙක් මරුට!

පකිස්ථාන නීතිඥවරු වෙඩි තබාගැනීමකින් දෙදෙනෙක් මරුට!

පකිස්ථානයේ ලාහෝර් නුවර අධිකරණ සංකිර්ණයක් ඉදිරිපිට සිදු වූ වෙඩි ප්‍රහාරයකින් නීතිඥවරුන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

නීතිඥවරුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව නීතිඥවරයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පැවසේ.

වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර සිද්ධියට සම්බන්ධ නීතිඥවරයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් පකිස්ථානය තුළ නිරන්තරයෙන් බොම්බ ප්‍රහාරයන් හා වෙඩි තැබීමේ සිදු වීම් වාර්තා වන අතර නීතිඥවරුන් එවැනි ක්‍රියාවකට සම්බන්ධ වීම බරපතළ තත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.