Gossips

තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද පස්වරුවේ දිවුරුම් දෙයි

අදත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
පසුගිය සදුදා කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනෙකු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
එසේම, පෙරේදා දිනයේදී ද එක් රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙනු ලැබුවා.
මේ අතර, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රී 7 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී රැස්වීමට නියමිතයි.