Gossips

දහසක දෛනික වැටුප් ඉල්ලා වතු කම්කරුවන් අදත් උද්ඝෝෂණයේ (ඡායාරූප)

දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙසට ඉල්ලා මස්කෙළිය සහ නෝර්වුඩ් ප්‍රදේශවල වතු කම්කරුවන් අද දිනයේත් උද්ඝෝෂණවල නිරතවුනා.
නෝර්වුඩ් ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරුවන් හැටන් බගවන්තලාව මාර්ගයේ අයර්බි තේ වත්ත ප්‍රදේශයේ විරෝධතාවයේ නිරතවු බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.
මස්කෙළිය ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරුවන් ද මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ මස්කෙළිය ඉන්ධන පිරවුම්හල අසල ටයර් පුලුස්සා විරෝධතාවයේ නිරතවුනා.
ලබන 6 වනදා පැවැත්වෙන දීපවාලි උත්සවයට පෙර තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර හිග වැටුප් සමග ලබාදීමට කටයුතු කළ යුතු බවට ද ඔවුන් පෙන්වා දෙනවා.


ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ