Gossips

කොළඹ සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ

කොළඹ – කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවන කටයුතු අද පෙරවරුවේ සිට යළි ආරම්භ කෙරුණා.
මැදවච්චිය සහ මන්නාරම අතර පාලම් දෙකක අලූත්වැඩියා කටයුතු හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබුවේ පසුගිය අගෝස්තු 17 වනදා සිටයි.
ඒ අනුව අද පෙරවරු 8.50 ට කොළඹ – කොටුවෙන් තලෙයිමන්නාරම දක්වා දුම්රියක් පිටත්වීමත් සමඟ එම ධාවන කටයුතු යළි ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.