Gossips

අද පස්වරු හතට නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වේ

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වනවා.
ජනාධිපති නිල නිවසේදී පස්වරු 7ට මෙම රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර ලබන 05 වනදා කොළඹදී ජන රැලියක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති නිදහස් පක්ෂ ආසන සංවිධායකයින්ගේ රැස්වීමේදී තීරණය කළ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ.