Gossips

ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා ලෝක බැංකුව වාර්ෂිකව නිකුත් කරන දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 11කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ලබන වසරට අදාලව නිකුත් කෙරෙන මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයේ පසුවනවා.
පසුගිය ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පසුවූයේ 111 වැනි ස්ථානයේයි.
රටවල් 190ක් මෙම ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
මෙහි පළමු, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් නවසිලන්තය, සිංගප්පූරුව සහ ඩෙන්මාර්කය පසුවනවා.