Gossips

හම්බන්තොට සිට ගෙනා කෝටියක මත්කුඩු මීගමුවේදී අල්ලයි

නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු මීගමුව – කුරණ – විස්ස කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදියි.
මොහු හම්බන්තොට සිට මීගමුව දක්වා මෙලෙස හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදියි අත්අඩංගුවට ගනු ලැබුවේ.
හෙරොයින් කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් මෙලෙස සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, සැකකරු 38 හැවිරිදි හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
මොහු කළක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙකු බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.