නායයාම හේතුවෙන් වසා දමා තිබු හැටන් – බගවන්තලාව ප්රධාන මාර්ගය ඊයේ (31) රාත්රියේ විවෘත කල බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ඉකුත් මස 13 වෙනිදා මෙම මාර්ගයේ මිටර් 45 ක කොටසක් අසල පිහිටි නිවාස 5 ක් සමග කාසල්රි ජලාශයට නායයාම හේතුවෙනුයි මෙම මාර්ගය වසා දමනු ලැබුවේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයක් මත නායගිය ස්ථානයේම අලුතින් මාර්ගයක් ඉදිකර රථ වාහන ධාවනයට අවසර ලබා දී ඇත්තේ කොන්දේසි සහිතවයි.
එමෙන්ම ටොන් 8 වැඩි බර වාහන එම මාර්ගයේ ධාවනය තහනම් කර ඇති අතර සැහැල්ලු වාහනවලට එම තහනම බල නොපැවැත්වෙන් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, බර වාහන විකල්ප මාර්ග ඔස්සේ තවදුරටත් ධාවනය කරන ලෙසයි නොර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.