Gossips

නව රජය සමඟ සහයෝගයෙන් වැඩ කළ හැකි බව විජිත් විජයමුණි කියයි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සහයෝගයෙන් ඉදිරි වැඩකටයුතු සිදුකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කළා.
ශ්‍රී දළදා මාළිගයට ගොස් දළඳා සමිඳුන් ඊයේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මීට පෙර තමන් සඳහන් කළ අප්පච්චි මළා යන ප්‍රකාශ දේශපාලන වේදිකාවට පමණක් සීමාවී ඇති බවයි.