Gossips

පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගුයි – පස්වනදාම කැඳවීමට ජනපති තීරණය කරයි

ලබන 16 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගු කර එය රැස්වීමට නියමිතව තිබූ නොවැම්බර් පස්වනදාම එය කැඳවීමට ජනාධිපතිවරාය තීරණය කර තිබෙනවා.
අද පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ජාවකදියි.
අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ. අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකිරීමට පෙර පාර්ලිමේන්තුව ලබන මස 5 වනදා රැස්වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් පසුව ජනාධිපතිවරයා තමන්ට පැවරී ඇති බලතලවලට අනුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ අතර, එය ලබන 16 වනදා දක්වා කල් දැමුණා.
මේ අතර පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන සහ සියලූ වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායක කරූ ජයසූරිය එකඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ප්‍රකාශ කළා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර පැවති සාකච්ජාවේදී මෙම එකඟතාවයට පැමිණි බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
මෙම හමුවේදී ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තුව තුළ නව අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය පහසුකම් සැළසීමට කටයුතු කරන ලෙසටයි.
කථානායක කාර්යාලයද මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කළ අතර, එමඟින් දක්වා තිබුණේ පාර්ලිමේන්තුවේ නිලධාරීන්, ව්‍යවස්ථාව සහ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කටයුතු කරනු ඇති බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට හිමි පහසුකම් සැලසීමේදී ගැසට් නිවේදනය අනුගමනය කරමින් ස්වකීය රාජකාරි වපසරිය තුල සිදු කරනු ලබන රාජකාරි කටයුතු සඳහා බලපෑම් කිරීමක් සිය පාර්ශයෙන් සිදු නොවනු ඇති බවට ද කතානායකවරයා අවධාරණය කර තිබෙනවා.