Gossips

පාර්ලිමේන්තුවේ අගමැති අසුන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායකවරයාගේ එකඟත්වය

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන සහ සියලු වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායක කරූ ජයසූරිය එකඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර පැවති සාකච්ජාවේදී මෙම එකඟතාවයට පැමිණි බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
මෙම හමුවේදී ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තුව තුළ නව අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය පහසුකම් සැළසීමට කටයුතු කරන ලෙසටයි.