Gossips

පොතුහැරදී නගරාන්තර දුම්රියට විරෝධය

දුම්රිය මගීන් පිරිසක් පොතුහැර දුම්රිය ස්ථානය අසළදී දුම්රිය මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රියේ විරෝධතාවක් නිරතවුණා.
කොළඹ සිට කුරුණෑගල දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ මගීන් පිරිසක් ඊට එක්ව සිටි බව සඳහන්.
ඔවුන් ප්‍රකාශ කළේ කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සුඛෝපභෝගී දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානය පසුකර යනතුරු මිනිත්තු විස්සකට වැඩි කාලයක් දිනපතා කුරුණෑගල දක්වා ගමන් කරන දුම්රිය පොතුහැර නවතාගෙන සිටින බවයි.
කෙසේ වෙතත් පසුව පොලීසිය සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ගැටළුවට විසඳුමක් ලබාදෙන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මගීන් විරෝධතාව අවසන් කර තිබුණා.
කෙසේ වෙතත් මෙම විරෝධතාව හේතුවෙන් දුම්රිය දෙකම පැය 2 කට වැඩි කාලයක් ප්‍රමාදවී ධාවනය වූ බවයි වාර්තාවන්නේ.