Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 33 ක් වයසැති ව්‍යාපාරිකයින් දෙදෙනෙකු බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ.
මොවුන් රැගෙන ආ ගමන්මලූවල සඟවා තිබූ රුපියල් හත්ලක්ෂ 25,000 ක් වටිනා විදේශීය දුම්වැටි 14,500 ක් අඩංගු කාටුන් 72 ක් සහ තවත් පැකට් 10 ක් සොයාගත්තා.
සැකකරුවන්ට රුපියල් 35,000 ක දඩමුදලක් පනවා තිබෙනවා.