Gossips

අදත් වැසි වැඩිවෙයි

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.
මේ අතර ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා කොළඹ දක්වා මෙන්ම හම්බන්තොට සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර දක්වා ඉහළ යාහැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ නිසා ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කෙරුණා.