Gossips

තවත් එජාප ප්‍රබලයින් පිරිසක් අගමැති මහින්දට සහය දිමට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරමින් නව රජයේ ඇමති ධුර කිහිපයක් ලබා ගැනීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වනවා.
එක් අමාත්‍යවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙක් බවට තොරතුරු පවතින අතර තවත් ඇමතිවරයෙක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ දේශපාලනයේ ප්‍රබල චරිතයක් බවටයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනා සමග තවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙදෙනෙක් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂගේ නව කැබිනට් මණ්ඩලයට සහයෝගය පළ කිරීමට එකගතාව පළකර ඇති බවට ද අභයන්තර ආරංචි මාර්ග පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ මෙම සාමාජිකයන් පිරිස හෙට හෝ අනිද්දා දිනයේදී ඇමති ධුරවල දිවුරුම් දීමට බලාපොරොත්තුවන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.