Gossips

අන්තරේට අදත් උත්තර නැහැ

අග්නිදිග සහ රජරට විශ්වවිද්‍යාලවල උද්ගතව ඇති අධ්‍යයන ගැටළුවලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද විරෝධතාවක නිරතවුණා.
කොටුව – දුම්රියපළ අසළින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසළට පැමිණි අතර, ඒ හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා.
අනතුරුව සිසුන් විරෝධතා පාඨ කියමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ඇතුලූවීමට උත්සාහ දැරීමත් සමඟ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
අනතුරුව වසා දමා තිබූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කිරීමට සිසුන් පියවර ගත්තා.
පසුව ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේ සිට සිය විරෝධතාව පළ කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
විරෝධතාවට එක්වෙමින් අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර කියා සිටියේ අද සුපුරුදු පරිදි සිය ගැටලූවලට විසඳුම් නොලැබුණත් යළිත් විසඳුම් ලබාගැනීමේ අරමුණින් අඛණ්ඩව විරෝධතා සිදුකරන බවයි.