Gossips

හිටපු අගමැතිට මිහින්තලේ හිමියන්ගෙන් උපදෙසක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැන් සිදුකළ යුත්තේ බටහිර ජාතීන්ගේ අවශ්‍යතා මත අරලියගහ මන්දිරයේ රැඳී සිටීම නොව ඉන් ඉවත්වී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සහය දීම බව මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ එම විහාරස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි සඳහන් වන්නේ රට තුළ දේශපාලනික අස්ථාවර භාවයක් ඇතිවුවහොත් ඉන් පීඩා විඳින්නේ ජනතාව බවයි.