Gossips

පුරහල අවට රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට පුරහල අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් සිසුන් අද දහවල් කොළඹ – කොටුව දුම්රියපොල ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කළා.
සිසුන් මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කර එම පරිශ්‍රයට ඇතුලූවී ඇති බවද එහි සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.