Gossips

අවශ්‍ය ඕනෑම සහයක් දෙන බව ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ජනපතිට කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුනා.
අද පෙරවරුවේ මෙම හමුව සිදුවුයේ ජනාධිපති කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකාව තුල මේ වන විට පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා නියෝජිතවරිය දැනුවත් කර තිබෙනවා.
රජයේ සියලු කටයුතු සිදුකර ඇත්තේ ව්‍යවස්ථානුකූලව බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කර ඇත්තේ.
රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින අතර ජගත් සංවිධානය ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබාදෙන සහය ද ජනාධිපතිවරයා ඇගයීමට ලක්කර තිබෙනවා.
ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය මෙහිදී කියාසිටියේ ඉදිරියට ද තම සංවිධානය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.