Gossips

Update – ඉන්ධන මිල සූත්‍රය වෙනස් කරනවා – මුදල් ඇමති ධුරයේ වැඩ භාර ගනිමින් අගමැති කියයි

මුදල් අමාත්‍යාංශය හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (31) එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මේ අතර රට තුළ දේශපාලන අවුල් සහගත තත්ත්වයක් නොමැති බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී අවධාරණය කර සිටියා.
මැතිවරණ කල් දැමූ පිරිස් දින කිහිපයකට පාර්ලිමේන්තුව කල් තැබීම පිළිබඳව පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.
Update :- Wednesday, October 31, 2018, 11.54am
—————————————————————–
අගමැති, මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද (31) උදෑසන මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.
ඒ මුදල් අමාත්‍යාංශයේදීයි.