Gossips

ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේ

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී අද විවෘත කරනු ලැබුවා.
ඉන්දීය රුපියල් බිලියන 29යි දශම 9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තයි.
ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටෙල් නමින් නිර්මාණය වූ මෙම ප්‍රතිමාව මෙසේ අද විවෘත කෙරුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.
ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදී ගං ඉවුරේ ඉදිකළ ප්‍රතිමාව ඉන්දියාවේ ප්‍රධාන සංචාරක ආකර්ශණයක් වනු ඇතැයි මෝදි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
මෝදි අග්‍රාමාත්‍යවරයා ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ මෙම ප්‍රතිමාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.