Gossips

විසඳුම ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේයි – ජවිපෙ කියයි

ප්‍රධාන දේශපාලන පක්ෂ බලය තහවුරු කර ගැනීම සදහා ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය පරිදි විග්‍රහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති ජාතික විද්වත් සභාවේ වැඩසටහනකට ඊයේ (30) එක්වෙමින්.
මේ අතර, අග්‍රාමාත්‍ය ධුරයේ සහ රජයේ ඇති වූ වෙනසෙහි නීත්‍යානුකූළභාවය සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව නීතිපති ජයන්ත ජයසූරිය, කතානායකවරයා වෙත දැනුම්දී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිපතිවරයාගේ භූමිකාවට අනුව, එලෙස මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බවයි ඔහු කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත්තේ.
අග්‍රාමාත්‍ය ධුරයේ සිදුවූ වෙනස පිළිබදව කතානායකවරයා සිදුකළ මත විමසීමට අනුව, ඔහු මෙම ලිපිය කතානායකවරයා වෙත යොමුකර ඇති බව කතානායක කාර්යාලය නිවේදනය කළා.