Gossips

ආර්ථිකය ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක්

2018 වසරේ ආර්ථිකයේ ස්ථායීතාවට ගෝලීය වෙළඳපොලේ සිදුවන වෙනස්කම් බලපෑ බව මහ බැංකුව ප්‍රකාශ කළා.
ඒ, මෑතකාලීන ආර්ථික ප්‍රවණතා සහ ලබන වසර සඳහා වූ අපේක්ෂාවන් සම්බන්ධයෙන් වාර්ෂික ප්‍රකාශනය නිකුත් කරමින්.
වසරේ මේ දක්වා කාලය තුළ පාරිභෝගික මිල උද්ධමනය අඩු මට්ටමක පවතින බවයි එහි දැක්වෙන්නේ.
වර්තන ගිණුමේ ශේෂය සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති අතර, මුල් මාස 8 තුලදී රාජ්‍ය මූල්‍ය අංශයේ මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබෙන බවද මහ බැංකුව සඳහන් කරනවා.
ඒ අනුව ආදායම් එක්රැස් කිරීම අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩුවීම හේතුවෙන් 2018 වසරේ ඉලක්කගත අයවැය හිඟය පියවා ගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවයි මහබැංකුව නිවේදනය කළේ.
ඉදිරියේදී දේශීය නිෂ්පාදිතය, ආයෝජන සඳහා පහසුකම් සැළසීම වැනි කටයුතු මගින් ආර්ථිකය වේගවත් වර්ධනයක් ක්‍රමිකව අත්පත් කරගනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.
අත්‍යාවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ විනිවිද භාවයකින් යුතුව කඩිනමින් ක්‍රියාත්මක කිරීම මගින් පසුගාමී ආර්ථික තත්ත්වයන් මගහරවා ගත හැකි බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.