Gossips

TNA කිසිවෙකුට සහය නොදිය යුතුයි – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට කිසිවෙකු සමත්ව නොමැති බැවින් දෙමළ ජාතික සන්ධානය මෙම තීරණාත්මක අවස්ථාවේදී කිසිවෙකුටත් සහය ලබා නොදිය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය පවසනවා.
එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මේ බව කියා සිටියේ යාපනයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
"දෙමළ ජනතාවට ප්‍රශ්ණ ගණනාවක් තියෙනවා. ඒවා විසඳන ලෙස ඉල්ලීම් කළත් කාටවත් අපේ ඉල්ලීම් ඉටුකරන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේදි දෙමළ ජාතික සන්ධානය කිසිදු පාර්ශවයකට සහය නොදිය යුතුයි කියලා."