Gossips

හික්කඩුවේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

හික්කඩුව ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සැප්තැම්බර් මස 23 වන දා හික්කඩුව තැපැල් කාර්යාලය ඉදිරිපිට දී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවයි පොලීසිය සඳහන් කළේ.
29 හැවිරිදි තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි මොහු සතුව තිබී ටී – 56 ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.