Gossips

අද සිට වැඩි වැඩිවෙයි

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (31) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (31) පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන 05.30 එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයිනේ ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන්.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තු ජනතාවට දැනුම් දෙනවා.