Gossips

එජාපය කොල්ලූපිටියේ රැස්වෙයි

නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද කොල්ලූපිටිය මංසන්ධියේ විරෝධතා රැළියක් පැවැත්වූවා.
දිවයිනේ ප්‍රදේශ රැසකින් මෙම විරෝධතා රැළිය සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන් පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ අතර, රජයේ පරිශ්‍රවලට ඇතුළු වීම වලක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ එක්සත් ජාතික පක්ෂයට වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ, කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.
ඊට අදාළව මහජන පීඩාවක් ඇති වන ආකාරයට උද්ඝෝෂණ සිදු කිරීම සහ මහජන සාමය කඩවන අයුරින් විරෝධතා සිදු නොකරන ලෙසට ද නියෝග කර තිබුණා.
එමෙන්ම අද දිනයේදී කොළඹ කිසිදු කලහකාරී සිද්ධියක් ඇති නොවන ලෙසට අවශ්‍ය උපරිම ආරක්ෂාව යොදවන්නැයි සියලූම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබූ අතර, ඒ අනුව පොලිස් නිලධාරීන් 2000ක් සහ රථ වාහන රාජකාරිය සඳහා නිලධාරීන් 600 දෙනෙකු යොදවා තිබුණා.
අද පැවති එක්සත් ජාතික පක්ෂ රැළිය ඇමතූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ පාර්ලිමේන්තුව වහා රැස් කරන ලෙස බල කරමින් ආරම්භ කර තිබෙන සටන ඉදිරියට රැගෙන යන බවයි.