Gossips

TNA තවමත් සාකච්ඡාවේ

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සඳහා යම් පාර්ශවයකට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සහය ලබාදීම පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ.
ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.
මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවුණා.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදියි.
එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි දෙමළ සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ.