Gossips

නවසීලන්තයේ ප්‍රාන්ත 3ක හදිසි තත්ත්වයක්

පැසිෆික් කලාපයට බලපෑ ගිටා සුළි සුළඟ හමා ඒමත් සමඟ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ඇතුළු ප්‍රදේශ තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නවසීලන්ත දකුණු දිවයිනට සුළි සුළඟ අද ළඟාවීමත් සමඟ එහි පාසල් සහ මහාමාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන්.
නවසීලන්ත ජාතික ගුවන් සේවය වෙලින්ටන් අගනුවරින් නික්මෙන සියළුම ගුවන් ගමන් අවලංගු කරනු ලැබුවා.
සුළි සුළගේ බලපෑමෙන් ඇති වූ ප්‍රතිඵල මුළුමනින්ම නිරීක්ෂණය කළ හැකි වන්නේ හෙට උදෑසන බවයි ක්‍රයිස්චර්ච් නගරාධිපතිවරිය සඳහන් කළේ.
සුළි සුළඟින් වැඩිම බලපෑමක් සිදුවිය හැකි ප්‍රදේශවලට ජාතික සිවිල් ආරක්ෂක බලකාය යොදවා ඇති බව අගමැතිනී ජසින්ඩා ආඩන් ප්‍රකාශ කළා.