Gossips

ඉන්ධන මිල සූත්‍රය අහෝසි

හිටපු අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ලබන මාසයේ සිට ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
මේ අතර මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානයට හිමිව ඇති විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවයි.