Gossips

අහිතකර දෑ නිවැරදි කරන බව ඇමති විජේදාස කියයි

පැවති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව යටතේ රටට අහිතකර බොහෝ දෑ සිදුවූ අතර, ඒවා නිවැරදි කිරීමේ වගකීම නව රජයට පැවරී ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
නව රජය යටතේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ඊයේ (29) රාත්‍රියේ කොළඹ – හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අමාත්‍යවරයා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.