Gossips

බොරලැස්ගමුව අනතුර සිදුකළ වෛද්‍යවරිය ඇප මත මුදා හැරේ

බොරලැස්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර අද නියෝග කළේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත ඇය මුදා හැරීමටයි.
අදාළ වෛද්‍යවරිය ගිලන් රථයක් මගින් අද දිනයේ අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.
කොළඹ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂවරයෙකුට මරු කැදවමින් බොරලැස්ගමුවේදී අදාල විශේෂඥ වෛද්‍යවරිය විසින් මෙම අනතුර සිදු කර තිබුණේ පසුගිය මස 30 වනදායි.