Gossips

වෙඩි තබන්නට කිසිදු අණක් නොදුන් දුමින්දට මරණ දඬුවම, වෙඩි තබන්නැයි කෑමොර දුන් අර්ජුන නිදහස්, පොලිසියේ නැමෙන නීතිය ගැන විමල් සලකුණේ දී ප්‍රශ්න කරයි

ඛනිජ තෙල් සංස්ථාවට ඇතුල්වූ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එල්ලවූ විරෝධය හමුවේ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු තැබූ වෙඩි පහරකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
එහිදී අසල සිටි පුද්ගලයන් පවසා තිබුනේ වෙඩි තබන ලෙස හිටපු අමාත්‍ය අර්ජුන් රණතුංග ඔහුගේ ආරක්ෂක නිලධාරියාට කෑමොර දෙමින් පැවසූ බවයි.
ඝාතනයකට අණකළ පුද්ගලයෙකුට විනාඩි කිහිපයක් ඇතුලත ඇප ලැබීමට හේතුව පොලිසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හිරු TV සලකුණ දේශපාලන වැඩසටහනේදී ප්‍රකාශ කළේ.
ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ වෙඩි තැබීමට කිසිදු නියෝගයක් ලබානොදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමවෙද්දී වෙඩි තබන ලෙස කෑමොර දුන් අර්ජුන රණතුංග හිටපු ඇමතිවරයාට ඇප හිමිවීම ප්‍රශ්න සහගත බවයි.
ඊට පොලිසිය වගකිවයුතු බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.