Gossips

ඇමරිකාව හිරුට ළංවෙයි

ඇමරිකානු නාසා ආයතනය මගින් හිරුගේ රහස් සෙවිම සඳහා යැවු පාකර් ගවේෂණ යානය ඊයේ නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා.
ඒ හිරු සමීපයටම පැමිණි අභ්‍යවකාශ යානය බවට පත්වෙමින්.
එය ඊයේ දිනයේදී වර්තමාන වාර්තාව අභිබවා හිරුට සැතපුම් මිලියන 26.55ක් දක්වා ළංවී තිබෙනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක වියදමින් පාකර් ගවේෂණ යානය පසුගිය අගෝස්තු මාසයේදී හිරු බලා ගමන් ඇරඹුවේ හිරු මතුපිට ඇති මිනිසාට අහිතකර කිරණ පිළිබඳ අධ්‍යයනයක් කිරීමටයි.
ඔක්තෝම්බර් 31 වන දා වන විට එය හිරුගේ තවත් සමීප කක්ෂයක් වෙත පිවිසෙන අතර, 2024 වසරේදී ඊට සැතපුම් මිලියන 3.83ක් ආසන්නයට පැමිණීමට නියමිතයි.