Gossips

චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති කියයි

තමාට එල්ල කරන චෝදනා සියල්ල තමා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය වෙත අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
මේ අතර, තමන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුණ ගැසුණේ කළ ගුණ සැලකීමක් වශයෙන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සහය පළ කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.