Gossips

10 ට අඩුකළ රනිල්ගේ ආරක්ෂාව

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමත් සමග හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සදහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂක කණ්ඩායම් ඉවත් කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.
ඒ අනුව පොලිස්පතිවරයා ලිපියක් මගින් අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇත්තේ නිලධාරීන් 10 දෙනෙකුගේ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සදහා යොදවන ලෙසයි.