Gossips

පළාත් සභා මැතිවරණය කඩිනමින් – ජාතික වප් මගුල් උළෙලේදී ජනපති කියයි

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කර කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික වප් මගුල් උත්සවයට තිස්සමහාරාම – සඳගිරිගොඩ වෙල්යායේදී අද පෙරවරුවේ එක්වෙමින්.
වප් මගුල් උත්සවය ආරම්භවීමට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තිස්සමහාරාම රජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරතවුණා.
කෙසේ වෙතත් ජාතික වප් මගුල් උත්සවය තවදුරටත් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරියටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති බවයි.
මේ අතර රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබෙනවා.