Gossips

තනතුර අහිමිවීමත් සමග හිටපු අගමැතිගේ ආරක්ෂක අංශය පොලිස්පති නියමයෙන් ඉවත්වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉවත් කර තිබෙනවා.
පොලිස්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බව සඳහන්.
එමඟින් දක්වා ඇත්තේ ජනාධිපතිවරයා විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්කර ඇති බවයි.
එබැවින් හිටපු අග්‍රාමාත්‍යවරයාට ලබාදී ඇති අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයට සහ විශේෂ කාර්ය බලකායට අනුයුක්තව යොදවා සිටි අතිරික්ත නිලධාරීන් ඉවත් කරන ලෙස එම ලිපිය මගින් පොලිස්පතිවරයා දැනුම්දී තිබෙනවා.
ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට නිලධාරීන් 10 දෙනෙකුගේ කණ්ඩායමක් පමණක් යොදවන ලෙසත් මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන්.