Gossips

ජාතික වප් මඟුල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

2018 ජාතික වප් මගුල් උත්සවය තිස්සමහාරාම – සඳගිරිගොඩ වෙල්යායේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
වප් මගුල් උත්සවය ආරම්භවීමට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තිස්සමහාරාම රජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරතවුණා.
මෙම වප් මඟුල් උත්සවයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජෛව විවිධත්ව පළතුරු උද්‍යානයක්ද විවෘත කිරීමට නියමිතයි.