Gossips

අද නිවාඩු දිනයක් නොවේ

අද (29) රජයේ නිවාඩු දිනයක් නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය අද (29) දිනය රජයේ නිවාඩු දිනයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවට පළ වන වාර්තා සාවද්‍ය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
අද සාමාන්‍ය වැඩ කරන දිනයක් බවද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් නව පියවර රැසක් ගෙන ඇති මෙම අවස්ථාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා ඇතුලු සියලුම රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලයන්ට සාමකාමීව හා සුහදශීලිභාවයෙන් යුතුව තම රාජකාරිය ඉටුකිරීම තුළින් රාජ්‍ය සේවකයන් ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් සිය වගකීම ඉටුකරන මෙන් රජය ඉල්ලා සිටිනවා.
යම් ආකාරයක විනය විරෝධී හැසිරීමක හෝ කඩාකප්පල්කාරී කටයුත්තක නිරතවන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය තරයේ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එමෙන්ම ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වැඩබලන සභාපතිවරුන් පත් කර තිබෙනවා.
නීතීඥ සරත් කොන්ගහගහේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩබලන සභාපතිවරයා ලෙසත් ආචාර්ය සෝමරත්න දිසානායක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩබලන සභාපතිවරයා ලෙසත් පත්කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක කළේ.
එමෙන්ම එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ වසන්තප්‍රිය රාමනායකයි.