Breaking Politics

ගුණමකු ගමරාල පරයාගේ ව්‍යවස්ථා විරෝධී තීරණ නිසා ජාත්‍යන්තරය කලබලෙන්

සාමසාධක හමුදා ලංකාවට පැමිණියොත් වගකිවයුත්තේ ගමරාල පරයා බව  නීතිවේදීහු පෙන්වා දේ.

ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය පිළිබද අග්‍රාමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර නායකයන් දැනුවත් කර ඇත. විශේෂයෙන් ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් කැඳවූ අග්‍රාමාත්‍යවරයා විසින් වර්තමාන තත්වය පැහැදලි කිරීමත් සමග එම තානාපතිවරුන් පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සාමය රැකීම සඳහා තමන් හැකි උපරිමයෙන් උදව් කරන බවයි.

කෙසේ නමුත් ඇතිවී තිබෙන ප්‍රචණ්ඩකාරී වාතාවරණයත් සමග ආරක්ෂක අංශවලට සමනය කල නොහැකි තත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව බුද්ධි අංශ වාර්තා කිරීමත් සමග අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත. ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වය කුමන අතකට හැරේදැයි තමන්ට විශ්වාශ කල නොහැකි බැව් ආරක්ෂක ප්‍රධානීන් සැලකිරීමත් සමග ඉදිරි ආරක්ෂක පියවරක් ලෙස සහ රටේ සාමය ආරක්ෂා කර ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්වයට රැගෙන ඒමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර සහය ඉල්ලා තිබේ.