Gossips

ගූගල් සමාගම දැඩි පිළිවෙතක

ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් 2016 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 13 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලයේ 48 දෙනෙකු සේවයෙන් නෙරපා දැමීමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.
එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා සිය කාර්යය මණ්ඩලය වෙත යොමු කළ ලිපියක සඳහන් කර ඇත්තේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් තම සමාගම දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි.
ගූගල් සමාගම ආරක්ෂිත සේවා ස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.