Gossips

කොන්ත්‍රාත්තුවකට ප්‍රා.ස.මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පන්නල – මැදිරිවිල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වන හොරණ ප්‍රදේශයේ පදිංචි ලොකුගේ ලසන්ත ප්‍රදීප් නොහොත් තංගල්ලේ සුද්දා නැමති අපරාධ කල්ලි සාමාජිකයෙක්.
මොහු හමුදාවේ සේවය කර ඉන් ඉවත්වූ අයෙකු බවටද මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ විස්සක කොන්ත්‍රාත්තුවක් මත පන්නල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ සැළැස්මක නිරතවී ඇති බවටද ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇති බව සඳහන්.
සැකකරු අද කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.