Gossips

කශෝගි ඝාතකයන්ට සෞදියේදී නඩු විභාගයක්

මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ පුද්ගලයන්ට එරෙහිව සෞදි අරාබියේදී නඩු විභාගයක් පවත්වන බව සෞදි විදේශ කටයුතු ඇමති අබ්දෙල් අල් ජුබියර් ප්‍රකාශ කළා.
බහරේනයේ පැවති සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය, භීතිකාවක් මවාපෑමට උත්සාහ කරන බවයි.
කෂෝගි ඝාතනයට සෞදි අරාබියේ සිට 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණි බව දැන් අනාවරණ වී තිබෙනවා.
එහෙත් සෞදි රාජකීයයන් ඊට සම්බන්ධ නොමැති බවයි සෞදි රජය ප්‍රකාශ කරන්නේ.
එමෙන්ම ඝාතකයන් තම රටේදී සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් නඩු විභාගයකට යොමුකිරීම සඳහා පිටුවහල් කරන ලෙස තුර්කිය කරන ලද ඉල්ලීම සෞදි අරාබිය ප්‍රතික්ෂේප කළා.