හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අතර, විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ පැවති රජයේ කටයුතු කළ සියලූ අමාත්‍යවරුන්ට මෙම රැස්වීමට සහභාගි වීම සදහා ආරාධනා කර ඇති බවයි.