Gossips

බිරිඳව බලහත්කාරයෙන්, අඹු සැමි ඇසුරට ඉඩ සැලසූ සැමියාට වැඩ වරදී

මහ මඟදී හමුවන පුද්ගලයින් නිවසට ගෙන්වා ගෙන තමන්ට පෙනෙන සේ එම පුද්ගලයින් සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට බලකරමින් බිරිඳට පහර දෙන සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා 61 වැනි වියේ පසුවන හිටපු යුද හමුදා සාමාජිකයකු බවටයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැණුනු පුද්ගලයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට නියෝග කර තිබෙනවා.
බිරිඳ විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව සඳහන්.
පැමිණිලිකාර බිරිඳ 57 වැනි වියේ පසුවන තිදරු මවක්‌ වන අතර සැකකරුගේ ක්‍රියා කලාපය හේතුවෙන් නාඳුනන පුරුෂයින් රැසක්‌ සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට සිදුවූ බව ඇය පොලිසිය හමුවේ හෙළිකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
විවාහකව සිටිනා දරු තිදෙනා සිද්ධීන් සම්බන්ධයෙන් කිසිවක්‌ නොදන්නා බවත් පැමිණිලිකාරිය පොලිසියට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
සැමියා විසින් පුද්ගලයින් නිවසට රැගෙන එන විට බියවන සැකකාරිය නිවසින් පලාගොස්‌ සැඟව සිටීමට උත්සාහ කළද සැමියා ඇයව සොයා ගැනීමෙන් අනතුරුව පහරදී එම ක්‍රියාවේ යොදවන බවට පොලිස්‌ පරීක්ෂණ වලදී හෙළිවී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (19) දිනයේදී නැවත කැඳවා ඇති අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ සැකකරු මේ වන විට අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
සැකකරු මීගමුව මූලික රෝහලේ මානසික රෝග සම්බන්ධ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර එම වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මිට පෙර මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය මඟින් නියෝග කර තිබුණා.